කොළඹ විශ්ව විද්‍යාලයේ ලාංඡනයේ අර්ථය

DEFINITION OF THE LOGO

 

 

නිර්මාණය හිටපු පුරාවිද්‍යා සහකාර කොමසාරි (වාස්තුවිද්‍යා) ධුරන්ධර, කලාභුෂණ, පුරාවිද්‍යා චක්‍රවර්තී ඇස්.එම්.සෙනවිරත්න.
නිර්මාණය කළ වර්ෂය 1972
පාඨයේ අර්ථය සංස්කෘත පාඨය- “බුද්ධිඃ සර්වත්‍ර භ්‍රාජතේ”
සිංහල අර්ථය- “බුද්ධිමතා සැමැතැන බැබළේ”
පාදම සංස්කෘත පාඨය යොදා ඇත්තේ පාදම තුළ ය. “මිහිකත” යන අර්ථ ගන්වයි. ජල රැල්ලක ආකාරයෙන් කෙළවර ඇඳ තිබේ. මිහිකත ජලයෙන් මෙන්ම තුරු, ලතා, මල්වලින් අනූනය. ඒ බව අග ඇති “ලිය වැල සහ මල්” මෝස්තරයෙන් පෙන්වා දෙයි.
පලාපෙති චක්‍රය නෙළුම් පෙති “පලාපෙති” ලෙස සිංහල මෝස්තර රටාව මෙසේ යොදා ඇත්තේ බුද්ධියේ පවිත්‍රාත්වය, නිදහස හා උත්තරිතර බව කියා පෑමට ය. (නෙළුම් මල උත්තරීතර බුදුන්වහන්සේට යොදන සංකේතයකි.) මෙහි මනුෂ්‍යයෙකුගේ මනසේ පිවිතුරු බව, නිදහස් සිතුවිලි ආදිය නිරූපනය කෙරේ.
හංස පෙළ බුද්ධිමත් බව සමඟ මනුෂ්‍යා ලබන විනය,ශික්ෂණය හා ආධ්‍යාත්මික බව මින් පිලිබිඹු කරන අතර මෙය වඩාත් තීව්‍ර වන්නේ හංසයන් නෙළුම් පොහොට්ටුවක් හොටින් රැගෙන යන ආකාරයෙනි.
මධ්‍යය
  1. (පුස්කොල පොත)- විද්‍යාත්මක ක්‍රමවේද සකසන ආයතනයක, ඓතිහසික වූ ද ශාස්ත්‍රීය හා විද්‍යාත්මක ගවේෂණය මින් නිරූපනය වේ.
  2. (පහන)-“ඥානය හා බුද්ධිය” ආලෝකයකි. එය විහිදෙන්නේ ප්‍රාඥාවේ පහන දැල්වීම මත ය.මේ පහනෙන් ඥාවේ ආලෝකය මුළු ලෝකයක් වෙත පැතිරි යන ආකරය පෙන්වයි.
  3. පහනට “දැල්ල තුනක්” නිර්මාණය කර තිබේ,මෙහිදී ව්විධ දෘෂ්ටීන්වල අන්තගාමි ප්‍රවේශයට වඩා මැද සිට විග්‍රාහ කිරීම වඩාත් යෝග්‍ය බව පෙන්වා දේ.
කඩුව අතින් ගත් සිංහයා ජාතික අභිමානය මින් කියැවෙන අතර ශ්‍රී ලාංකික දේශයේ ප්‍රෞඩත්වය මින් විදහා දැක්වේ.
රතු වර්ණය ජවය,වීරත්වය හා තම ඥානය කෙරෙහි ඇති විශ්වාවසවන්ත බව මින් ප්‍රකශිතය. විශේෂයෙන් ඕනෑම මතවදයක් මුල් මතයට විප්ලවීය ලෙස ඉදිරිපත් කල යුතු බව ඇඟ වේ.
තද මෙරුන් වර්ණය කළු වර්ණය හා විප්ලවීය රත් වර්ණය මිශ්‍ර වීමෙන් මෙම තද මෙරුන් වර්ණය නිර්මාණය වේ.මතවාදයේ නැවුම් බව හා ස්වාධීන බව ඇඟ වේ.
Read more